Monday 4 March 2013

සලබ මිනිසා (The Moth Man)



සලබ මිනිසා
(The Moth Man)

සලබ  මිනිසා යනු, එක්සත් ජනපදයේ, උතුරු ව'ජිනියා ප්‍රාන්තයේ, චා'ල්ස්ටන් (Charleston) හා පොයින්ට් ප්ලෙසන්ට් (Point Pleasant) යන ප්‍රදේශ වලදී, දැකගැනීමට ලැබී ඇති කිසියම් හඳුනා නොගත් ජීවියෙකි.

1966 සිට 2007 වසර දක්වාම විටින් විට, විවිධ පුද්ගලයනට මෙම සත්වයා නිරීක්ෂණය වී ඇත. එනමුත් මෙවැනි සිද්ධියක් මුලින්ම මෙම ප්‍රදේශයෙන් වාර්තාවන්නේ 1926 දීය. කුඩා ළමයෙක් මේ අත්දැකීම ලබා ඇති අතර ඒ ආසන්නයේ සොහොන් පිටියක සිටි පිරිසක් විසින්ද පියාපත් සහිත මිනිස් රුවක් දුටු බව සඳහන් කර ඇත.

ඉන් අනතුරුව විශාල පිරිසක් විසින් විටින් විට හා එකිනෙකාගෙන් ස්වාධීනව මොහු දැක ඇති අතර, ඔව්නගේ නිරීක්ෂණ අනුව, විස්තර කොට ඇත්තේ, "රතු ඇස් සහිත විශාල කුරුල්ලෙකු" හෝ " අඩි දහයක පමණ පළල් පියාපත් ඇති මිනිසකු" ලෙසය.බොහෝ විට මොහු දක්නට ලැබී ඇත්තේ හිසක් හෝ ගෙලක් රහිත, පපුවේ ඇස් පිහිටි සතකු ලෙසය.

එලෙසම, මේ සිදුවීම් පිළිබඳ විවිධ අර්ථකථන ඉදිරිපත් වී ඇත. ඇතැම් වන සත්ව විද්‍යාඥයෙක් මොහු සෑන්ඩ්හිල් (Sandhill Crane) නම් විශාල ඇමරිකානු කොකුන් විශේෂය විය හැකියයිද, තවත් අයෙක් ඌ බාන් අව්ල් (Barn Owl) නම් බස්සන් විශේෂයට අයත් විය හැකි යයිද කියති.

 

මෙම සිදුවීම පිටසක්වල ජීවීන් සම්බන්ධ කොට අදහස් පළ වී ඇති අතර, ජෝන් කීල් විසින් මේ අළලා රචනා කළ The Mothman prophecies නම් ග්‍රන්ථය 2002 දී එනමින්ම චිත්‍රපටයකටද නැඟිනි.

කෙසේ වෙතත් මෙය එම ප්‍රදේශයට සංචාරකයන් ඇදගැනීමට පිටුබලයක් වී ඇත. Point Pleasant හි පිහිටුවා ඇති මොත් මෑන් (Moth man) පිළිරුව, කෞතුකාගාරය හා වාර්ෂික සැණකෙළිය මෙම සංචාරකයන් උදෙසාය.

නොයෙකුත් පැහැදිළි කිරීම් ඉදිරිපත් කර ඇතත්, තවමත් මේ පිළිබඳ සත්‍යය ඇත්තේ අඳුරේය. "මොත් මෑන්" ද හිම මිනිසා, නෙසී, චුපකබ්‍රා ආදී හඳුනා නොගත් දහසක් සතුන් අතරේ වර්ග කර ඇත. මෙවැනි සතුන් පිළිබඳ අධ්‍යනය කරන ජීවවිද්‍යාව Cryptozoology ලෙස හැඳින්වේ.

CW.

3 comments:

  1. වටිනා ලිපියක් දිගටම ලියන්න....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මට ලැබුණු පළවෙනි කොමෙන්ටුව..!

      Delete

ඔබේ අදහස්.......