Wednesday 6 March 2013

අමුතු කතාවක් : A Strange Story by O. Henry



අමුතු කතාවක්

ඕ. හෙන්රි
ඔස්ටින් හි උතුරු කොටසේ එක් කලෙක ස්මොද'ස් නම් ලත් පවුලක් වාසය කලේය.ජෝන් ස්මොද'ස්, ඔහුගේ බිරිඳ හා ඔහු, ඔව්නගේ පස් හැවිරිදි දියණිය, හා ඇයගේ දෙමව්පියන් එක්ව ගත් කල විශේෂ සඳහන් යටතේ, නගරයේ ජනගහනයට හය දෙනෙකු එක් කළ නමුත් ඇත්තෙන්ම එහි සිටියේ, තිදෙනකු පමණි.

එක් දිනක් රාත්‍රී ආහාරයෙන් පසුව, කුඩා දැරිය දැඩි උදරාබාධයෙකින් පෙලෙන්නට වූවාය.බෙහෙතක් ගෙනෙන්නට ජෝන් ස්මොද්'ස් හනික නගරයට දිව ගියේය.

ඔහු නැවත කෙදිනකවත් ආපසු පැමිණියේ නැත.


සුවපත් වූ දැරිය පසුව වැඩිවියට පත් වූවාය. තම සැමියාගේ අතුරුදන් වීම පිළිබඳ දැඩි ශෝකයට පත් බිරිඳ, මාස තුනක් ගත වීමට පෙර වෙනත් විවාහයක් කරගෙන, සැන් ඇන්ටෝනියෝ වෙත නික්ම ගියාය.
කලකට පසුව, එම දැරියද විවාහවී වසර කිහිපයකට පසු, ඇගේ දියණියද පස් හැවිරිදි වූවාය.
එතෙකුදු ඔව්න් ජීවත් වූයේ ඇගේ පියා නික්මී අතුරුදන් වූ පැරණි නිවසේමය.

එය ජෝන් ස්මොද'ස් අතුරුදන් වූ සංවත්සර දිනයක් විය. එදින ඉතා අහඹු ලෙස, ඇගේ කුඩා දැරියද උදරයේ වේදනාවකින් පෙලෙන්නට වූවාය.

ජෝන් ස්මොද්'ස් ජීවතුන් අතර සිටියා නම් ඔහු එම ළදැරියගේ සීයා වේ.

"මම ටවුමට ගොහින් බෙහෙත් ටිකක් අරන් එන්නම්" ජෝන් ස්මිත් (ඇගේ පියා) සූදානම් විය.


"නෑ නෑ ජෝන්" බිරිඳ ඔහු වැළැක්වූවාය. "ඔයාටත් ආපහු එන්න මතක නැති වෙලා සදහටම අතුරුදහන් වෙලා යාවි"

ජෝන් ස්මිත් පිටත නොගියේය. ඒ වෙනුවට ඔව්න් දෙදෙනා කුඩා පැන්සිගේ (එය දැරියගේ නම වීය.) ඇඳ දෙපස හිඳ බලා සිටියහ.

මඳ වේලාවකින්, පැන්සිගේ තත්වය උග්‍ර වන්නට වූයෙන්, ජෝන් ස්මිත් නැවතත්  බෙහෙත් රැගෙන ඒමට පිට වන්නට සූදානම් වුවත්, බිරිඳ නැවතත් එයට එරෙහි වූවාය.

එක්වරම දොර විවර විය. දිගු සුදු  කෙස් කල්ඹක් සහිත කුදු ගැසුනු මහල්ලෙක් කාමරයට ඇතුළු විය.

"හෙලෝ, මෙන්න සීයා" පැන්සි අන් සියළු දෙනාටම පෙර ඔහු හඳුනා ගත්තාය.
මහල්ලා තම සාක්කුවෙන් ගත් බෙහෙත් බෝතලයෙන් හැන්දක් පුරා ගෙන පැන්සිට පෙව්වේය.

ඉක්මනින්ම ඇයට සුව විය.

"මම පොඩ්ඩක් පරක්කු උණා" මහල්ලා පැවසීය. "මොකද මම කුලී කාරෙකක් එනකම් හිටිය නිසා"
CW

3 comments:

  1. මේක විහිලු කතාවක්ද? හික්ස්

    ReplyDelete
  2. ඔව් නිශාන්, ඒක මටත් හිතා ගන්න බෑ...... නමුත් ඕ හෙන්රි ගේ ප්‍රසිද්ධ කථා වලට පෙරවදනක් විදියටයි මම මේක පරිවර්තනය කලේ. එයාගෙ ඇත්තටම හිනායන කතාවක් මම ඊලගට පළ කරන්නම්.කොමෙන්ටුවට බොහොම පින්....

    ReplyDelete

ඔබේ අදහස්.......