Tuesday 21 May 2013

අරාජිකවාදයේ රසායනය (සිව් වන කොටස)



අරාජිකවාදයේ රසායනය (සිව් වන කොටස)

මහාචාර්යතුමනි, පුපුරන ද්‍රව්‍ය පිළිබඳව ඔබතුමාගේ කට වචනය පිළිගැනීමට අප සූදානම්. අපට ඔබතුමාගේ දැනුම පිලිබඳ කිසිම සැකයක් නැහැ.ඒ නිසා, තවදුරටත් ප්‍රායෝගික පරීක්ෂණ පෙන්වමින් ඔබතුමාගේ වටිනා කාළය නාස්ති කළ යුතු නැහැ. මම මේ අදහස් පළ කළේ මගේ සගයන්ගේ අදහස් විමසා නොවෙයි, නමුත් මට හිතෙනවා මේ මුළු සභාවම මා සමඟ එකඟ වේවි කියා.

හරියට හරි, “හරියට හරි, යනුවෙන් එය අනුමත කරන හඬ ශාලාවේ හැම තැනින්ම නැඟිනි.

මහාචාර්යතුමා නැවත අනුකම්පාව පළ කරන බැල්මක් හෙලුවේය. 

ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය මා අගය කරනවා.නමුත්, ප්‍රායෝගික පරීක්ෂණ රහිත රසායන විද්‍යා දේශණයක්, හරියට ආත්මයක් නැති ශරීරයක් වගෙයි. පරීක්ෂණ යනු නව සොයාගැනීම් වල ආත්මයයි.රසායන විද්‍යාවේදී, කිසි දෙයක් ඉබේ පහළ වූ ලෙස නොගත යුතුයි.මම දැනටමත් ඔබට පෙන්වුවා මේ ද්‍රව්‍යය භාවිත කිරීමේදී කොපමණ සුලභ වැරදීම් සිදුවිය හැකිද කියා. මිනිස්සු තනියම පරීක්ෂණ කළා නම්, ඒ වැරදි කිසිදාක හමු නොවෙන්න ඉඩ තිබුනා. ඔබ මා කෙරේ තැබූ විශ්වාසය ගැන ඉතාම ස්තුතිවන්ත වෙනවා වගේම, මගේ පරීක්ෂණ නිසා ඔබට  දැනුම ලබාගැනීමට ඇති අවස්ථාව විනාශ කිරීමට, මට නොහැකියි. ඒක නොවේ මහත්වරුනි ගැටළුව, ඩයිනමයිට් වලට ගිණි ඇවිළීමට හේතුවන, තවත් සුලභව සිදු කෙරෙන වැරැද්දක් තිබෙනවා.
 
ඔහු කළිසම් කකුලේ ගසා ගිණි කූරක් දල්වා කිණිහිරය මත වූ ද්‍රව්‍යයට ගිණි ඇවිලවීය. එය ලා නිල් දැල්ලක් දක්වමින් දැවුනු අතර, ඔහු තම සහෝදර අරාජිකවාදීන් දෙස ජයාග්‍රාහී බැල්මක් හෙලීය.

පිරිස උනන්දුවෙන් වෙවුලමින් බලා සිටියදී, හදිසියේම දැල්ල මතින් පහත් වූ මහාචාර්යතුමා එය නිවා දැමීය. නැවත ඍජු භාවයට පැමිණි ඔහු

"නැවතත් මා ඔබගෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි.මොකද, මට නැවතත් ග්‍රීස් බින්දුව අමතක උණා. දැල්ල ග්‍රීස් බින්දුවට ළං උණා නම්,එය පුපුරා යනවා.මිනිහෙක් යමක් ගැන ඉතා උනන්දුවෙන් සිටින විට, අනෙක් සියළු දේ අමතක වෙනවා. මම ඩයිනමයිට් සමඟ පරීක්ෂණ අදට නවත්වනවා.”

ජෝන්, මෙන්න මේ පෙට්ටිය පරිස්සමින් අරන් ගිහින්, බිත්තර කූඩයක් තියන වගේ පරිස්සමින් එහා කාමරෙන් තියන්න, මොකද මට පේනවා, මේ පෙට්ටියෙන් නයිට්‍රොග්ලිසරීන් බේරෙනවා. ඔහු වෙව්ලමින් සිටි අතවැසියාට කීය.

පෙට්ටිය ඉවතට ගෙනයන ලදුව, රැස්වූවෝ එක හඬින් සැනසුම් සුසුම් හෙළුවෝය. 

"මහත්වරුනි, දැන් අප පැමිණ සිටින්නේ සියළු චින්තනධාරීන් විසින් මනස මෙහෙයවිය යුතු කාරණයක් ගැනයි".ඔහු තෘප්තිමත් ලෙස හිසකෙස් අතරින් ඇඟිලි යවා, ප්‍රසන්න සිනාවක් පෑවේය. "මේක මගේ සොයා ගැනීමක්. ඩයිනමයිට් එක්ක මේය සැසඳීම, හරියට නැවුම් කිරි,පෘසික් අම්ලය සමඟ සම කිරීම වගෙයි." 

කබා සාකුවට දැමූ ඔහුගේ ඇඟිළි ඉවතට පැමිණියේ බෙහෙත් පෙති පෙට්ටියක් වැන්නක් සමඟිනි. ඉන් එක පෙත්තක් කිණිහිරය මත තබා, ඉතා සීරුවෙන් පසුපසට යන අතර, ඔහු අසීමිත මෘදු බවකින් සිනාසුනේය.

"මෙය අරඹන්නට පෙර, මා නැවත අනතුරු අඟවනවා, යමෙකු පොළොව මත පය ගැටීමක් හෝ, පා ඇඟිලි මතින් හැර, යන්තම් හෝ සෙලවීමක් සිදු කළහොත්, මෙය පුපුරා යනු ඇත.ලන්ඩන් සිට චාරිංක්‍රොස් දක්වා එකිනෙක වෙන් කර ගත නොහැකි එකම සුන් බුන් ගොඩක් පමණක් ඉතිරි වෙනවා ඇති. මෙය නිපදවීමට, මගේ ජීවිතකාලයෙන්, වසර දහයක් වැය උනා. මේ මිලියනයක් විතර වටිනා පෙති ටිකෙන් පුළුවනි සියළු ප්‍රශ්න වලින් අපව මුදවන්න." 

"ජෝන්, මට වතුර බේසමක් අරන් එන්න." 

වතුර බේසම පරිස්සම් සහිතව මේසය මත තබන ලදුව, කිණිහිරය මත තුබූ පෙත්ත ඇතුලු සියලු පෙති මහාචාර්ය තුමා විසින් එතුලට හලන ලදී.

සිව් වන කොටස අවසානයි

No comments:

Post a Comment

ඔබේ අදහස්.......