Monday 14 October 2013

අරාජිකත්වයේ රසායනය (අවසාන කොටස)



                               අරාජිකත්වයේ රසායනය (අවසාන කොටස)

එසැවුණේ මහාචාර්ය තුමාගේ සුරත පමණි.

"දැන් විරුද්ධ මතයට ඡන්දය දෙන්න" කියන්නටත් පෙර සභාවේ සෑම අතක්ම ඉහළ නැඟුනි.

"නෑ කියන අය දිනපුවාවේ" මහාචාර්යතුමා කිව්වද, ඔහු උරණ වූ බවක් නොපෙනුනි. 

"මහත්වරුනි", ඔහු දිගටම කියාගෙන ගියේය. 

"මම හිතුව වගේම, ඔබ තුමන්ලා මගේ දෙවන යෝජනාව අනුමාන කලා. හෙට මේ විස්තරය පළ වීමට ලන්ඩනයේ පුවත් පත් නොතිබුනාට, ලෝකයේ අනෙක් පත්තර වල, මේ නපුරු නගරයේ විනාශය පිළිබඳ වාර්තාව පළවේවි. මට ඔබලාගේ මූණු වලින් පෙනෙනවා, ඔබ මගේ මේ දෙවන යෝජනාවට, එනම්, එතෙක් මෙතෙක් කරන ලද ඉතාම හිතට වදින සැලසුමට ඔබතුමන්ලා මා සමඟ එකතු වෙනවා කියා. මෙහිදී අපි මේ බේසමේ තිබෙන සියළු පෙති පුපුරවා හරිනවා. මෙය සහතික වීමට, මම මැන්චෙස්ටර් වලට නියෝජිතයෙක් යවලයි තියෙන්නේ. ඔහු ලඟ සම්පූර්ණ විස්තරය තිබෙනවා, මෙය සිදු වුණේ කොහොමද, මේ රැස්වීමේදී සම්මත කරගත් තීරණය කුමක්ද, ඔබතුමන්ලා එක පයින් මේ යෝජනාව සම්මත කළ ආකාරය, ආදී වශයෙන්.  

"මහත්වරුනි, ලන්ඩනයේ ක්ෂණික විනාශයට කැමැත්ත පළ කරන්න සාමාන්‍ය ක්‍රමයට" 

"මහාචාර්යවරයාණෙනි, " ප්‍රථමයෙන් කතාව සිදු කළ තැනැත්තා නැවත කියන්නට විය. "ඔබතුමා මේ තීරණය ගන්නට පෙර, මම කැමතියි සංශෝධනයක් ඉදිරිපත් කිරීමට. මේක ඉතාම බරපතළ යෝජනාවක්, එය සැහැල්ලුවට නොගත යුතුයි. එබැවින් මා යෝජනා කරන්නේ අපි මේ හමුව සෝහෝ වල අපේ ස්ථානයට ගෙනගොස්, එහිදී පිපිරවීම සිදු කළ යුතු බවයි. මට පොඩි රාජකාරි කිහිපයක් තිබෙනවා, මේ මහා ව්‍යාපෘතිය ක්‍රියාවට නං වන්නට පෙර."

"මහත්වරුනි, සංශෝධනයට ඉඩ ලැබෙනවා. රැස්වීම සෝහෝ හි ඔබලා ගේ මූලස්ථානයට ගෙනයාමටත් එහිදී මේ තීරණය සලකා බැලීමටත් යෝජනා කරනවා." මහාචාර්යතුමා කීවේය.

"මා එම යෝජනාව ස්ථිර කරනවා"  සංගමයේ රැස්ව සිටි පහළොස්දෙනාම එක හඬින් නැගී සිටිමින් කීහ. 

"සුපුරුදු සභාපතිතුමා නොමැති බැවින්, සංශෝධනය ඡන්දයට ඉදිරිපත් කිරීම මගේ කාර්යභාරයයි. මේ සංශෝධනයට කැමැත්තෝ, දකුණු අත ඔසවා, තම මනාපය දක්වන්න"

අත් සියල්ල එකක් නෑර එසැවිනි.

 "සංශෝධනය සම්මතයි. මම ඉතාම සතුටිනුයි හෙට රාත්‍රියේ ඔබගේ රැස්වීම් හලේදී ඔබ හමු වන්නේ. මගේ පුපුරන ද්‍රව්‍යයෙන් වැඩිමනත් ප්‍රමාණයක් මා හෙට ගෙන එන්නම්. ජෝන්, කරුණාකර, යතුර බාරකාරයාට දොරවල් අරින්න කියන්න"

ඊලඟ දින රාත්‍රියේ සිම්කින්ස් හා සිල්වර්ස් වෙනදා අරාජිකවාදීන් රැස්වන ස්ථානයට යනවිට කිසිදු හමුවක සළකුණක් එහි නොවීය. එදා දේශනයෙන් පසු, සෝහෝ හි අරාජිකවාදීන්ගේ සමුළුව හමු වූ බවට සටහනක් ද නැත. එම සමාජය, අත්භූත ලෙස විසිර ගොසිනි.
අවසානයි.

No comments:

Post a Comment

ඔබේ අදහස්.......